ඉන්දියාව සහ රුසියාව නව අන්තර් රාජ්‍ය ගිවිසුමකට අත්සන් තැබීමට සැලසුම් කර තිබෙනවා.
ඒ රුසියාවෙන් නවීනතම රයිපල් වර්ගයේ ගිනිඅවි මිලදී ගැනීම සම්බන්ධයෙන්.
ඉදිරි මාස කිහිපය ඇතුලත අදාල ගිවිසුමට අත්සන් තබන බවයි බලධාරීන් සඳහන් කළේ.
ඉන්දියාව පසුගිය වසර දෙකේදී ද මෙවැනි ආරක්ෂක ගිවිසුම් කිහිපයකට රුසියාව සමඟ අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා.