ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ප්‍රබල සටනක
Related Articles
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 197ක ඉලක්කයක් හබා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(22) දිනය නිමාවන විට කඩුලු 02ක් දැවි ලකුණු 60 ක් ලබා ගැනිමට සමත් වුණා.
තරගය ජයග්‍රහනය කිරිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 137ක් ලබා ගත යුතුයි.
පෝට් එලිසබෙත්හිදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 222ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 154 ක් පමණයි. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 68 ඉදිරියෙන් සිටිමින් දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම ආරම්භ කළා. ඔවුන්ට දෙවන ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවී ලකුණු 128යි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆෆ් ඩුප්ලෙසිස් නොදැවී ලකුණු 50ක් ද හෂිම් අම්ලා ලකුණු 32ක් ද අයිඩන් මාක්රම් ලකුණු18ක් ද ලබා ගත්තා. අනෙකුත් කිසිදු දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙක්ට ලකුණු දහයේ සීමාව පසු කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
මේ අනුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් වෙත දැඩි පීඩනයක් එල්ල කිරිමට සමත් වුනා. විශිෂ්ට පන්දු යැවිමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 39කදී කඩුලු 4ක් බිද හෙලුවා. ධනංජය ද සිල්වා කඩුලු 3ක්සහ කසුන් රාජිත කඩුලු 2ක්ද විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් ද දවා ගත්තා. දකුණු අප්‍රිකාවට සිය දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 128ක් ලබාගත්තා.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 197ක ඉලක්කයක් හිමි වුණා. දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලකුණු 19ක්ද ළහිරු තිරිමාන්න ලකුණු 10ක් ලබා සිටියදී දැවි ගියා.