ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ඓතිහාසික නීතියක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුපියල් ලක්ෂ තිස්හයදහස් දෙසිය විසිනවයක් වටිනා සංවර්ධන ව්‍යාපෘති නවයක් පුත්තලම ආනමඩුව ප්‍රදේශයේදී ජනතා අයිතියට පවරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව කරුවලගස්වැව නවගත්තේගම ඇතුළු ප්‍රදේශ ගණනාවක අද(22) දිනය පුරා සංචාරය කරමින් සංවර්ධන ව්‍යාපෘති නවයක් ජන අයිතියට පැවරුවා.
ඇටකේකණුව කරුවලගස්වැව තබ්බෝව පානීය ජල ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරුනේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේයි මෙම කටයුතු සිදු කෙරුණේ.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කරුවලගස්වැව සිවිල් ආරක්ෂක බළකාය ඉදිරිපිට ඉදිකෙරෙන සමූපකාර ඉන්ධන පිරවුම්හලේ ඉදිකිරීම් කටයුතු සදහා මුල්ගල තැබුවා.
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ පුත්තම දිස්ත්‍රික්කයේ ඉදිකළ කරුවලගස්වැව හා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරීම ද සිදුවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේයි මෙම නව ගොඩනැගිලි ඉදිකෙරුණ්. කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල තෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 572 ක්. වාහන නැවැත්වීමේ පහසුකම්වලින්ද සමන්විතව ඉදිකර ඇති නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලිවල සියලු පහසුකම් ස්ථාපනය කර තිබෙනවා. මේ අතර ආනමඩුව, උස්වැව ප්‍රාථමික විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. ආනමඩුව නගර මධ්‍යයේදී රාජ්‍ය ඔසු සල ශාඛාව විවෘත කිරීමද සිදු වූ අතර ආනමඩුව සතිපොළ ජනතා අයිතියට පත් කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අධීක්ෂණය යටතේයි එම කටයුතු සිදු වූයේ. ජාතික තරුණ සේවා සභාවේ පුත්තලම් දිස්ත්‍රික් තරුණ තරුණියන් හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. ආනමඩුව දිසා රෝහල මූලික රෝහලක් බවට පත් කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. 1912 වසරේ ආරම්භ කළ මෙම රෝහලෙන් ආනමඩුව, නවගත්තේගම, කරුවලගස්වැව ඇතුලු ප්‍රදේශ රැසක ලක්ෂ 2 ක පමණ පිරිසකට සෙත සැලසෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේයි එම කටයුතු සිදුවූයේ. සංවර්ධන ව්‍යාපෘති ජන අයිතියට පත් කිරීමෙන් පසු රෝහල් පරිශ්‍රයේ පැවති ජන හමුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සදහා පක්ෂ භේදයකින් තොරව එක්වීමේ අවශ්‍යතාව අවධාරණය කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_iWcDmPP9Bk”]