fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුළුබඩු 4ක මුද්දර 4ක් 26දා එළිදැක්වේ…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 14:55

කුළුබඩු 4ක මුද්දර 4ක් 26දා එළිදැක්වේ…

පොදු ජනයාට පණිවුඩ හුවමාරු කර ගැනීමේ අවස්ථාවක් උදාවීම වැදගත් පියවරක් විදිහට මුද්දරය උපත ලබා තිබෙනවා. මුල් කාලයේ දී ලිපියක් ලබන තැනැත්තා ගාස්තු ගෙවිය යුතු විය. ලිපිය ලබන්නා ගාස්තුව ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් වැය වූ මුදල අය කර ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නැගුණා.

ලිපියක් යවන විට ම මුද්දරයක් ඇලවීමෙන් ගාස්තු අය කර ගත හැකි බව බිතාන්‍ය ජාතික “රෝලන්ඩ් හිල්” මහතා පෙන්වා දුන්නා. එම නිසා බර්මිංහැම් නගරයේ විසූ රෝලන්ඩ් හිල් මහතා මුද්දරයේ නිර්මාතෘ ලෙස සලකනු ලබයි.

1846 මැයි 6 වැනි දා එංගලන්තයයේ දී ලෝකයේ ප්‍රථම මුද්දරය බිහිවුණා. එය “පෙනී බ්ලැක්” නමින් හැදින්විණි. වික්ටෝරියා රැජිනගේ උඩුකයේ රූපය සහිත එම මුද්දරයේ වටිනාකම පැන්ස 1 ක්.

පෙනී බ්ලැක් මුද්දරයේ නිකුත් කළ රට සදහන් නොවේ. මුද්දරවල රට සදහන් නොකිරීමේ සම්ප්‍රදාය තවමත් එංගලන්තයේ පවතී. රටේ නම සදහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තයයි.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ව පැවති ලංකාවේ ප්‍රථම මුද්දරය නිකුත් වූයේ 1857 අප්‍රේල් 1 වැනි දා ය. වික්ටෝරියා රැජිනගේ උඩුකයේ රූපය දැක්වෙන එම මුද්දරයේ වටිනාකම පැන්ස 6 ක්.

 

1857 සිට 1872 දක්වා වූ වකවානුවේ දී ලංකාවේ භාවිත වූයේ පැන්ස, සිලිං වටිනාකම්වලින් යුත් මුද්දර යි. මුද්දර ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. එනම්

  1. තැපැල් මුද්දර

2. අදායම් මුද්දර

දැනට අප රටෙහි රුපියල් 5 සිට රුපියල් 200 දක්වා වූ සියලු ම මුද්දර තැපැල් සහ අදායම් ගාස්තු වශයෙන් ගෙවිය හැකි ය. රු. 500 සහ රු.1000 අදායම් මුද්දර යි.

කෙසේ හෝ වේවා මුද්දරයේ විකාශයත් සමඟම විවධ රූප සහිත මුද්දර රැසක් අපට දැකගන්න පුළුවන්.ඒ අනුව මුද්දරය සම්බන්ධයෙන් දැන ගන්න ලැබෙන නවතම පුවත වන්නේ මෙරට ප්‍රධාන කුළුබඩු වර්ග 4ක සිතුවම් නිරූපිත මුද්දර නිකුත් කිරීමට සැළසුම්කර ඇති බවයි.

කුරුදු , ගම්මිරිස් , කරාබුනැටි සහ සාදික්කා යන කුළුබඩුවල සිතුවම් ඇතුළත් මුද්දර 4ක් ලබන 26 වැනිදා නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ. දයාගමගේ සහ  අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුත්ත සිදු වන්නේ.

මෙම මුද්දරයක වටිනාකම රුපියල් 15ක් වන බවයි සඳහන් වෙන්නේ….

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්