fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කසල තේ ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 12:39

කසල තේ ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

කසල තේ ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිවුණා. ඒ කසල තේ ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ.

කසල තේ කිලෝ ග‍්‍රෑම් දස දහසකට වැඩි ප‍්‍රමාණයක් ඔවුන් ලොරි රථ දෙකකින් ප‍්‍රවාහනය කරමින් සිටි බවයි පොලිසිය පවසන්නෙ. මාවතගම පරගහපිටිය මහ පල්ලිය ඉදිරිපිටදි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ කුරුණෑගල කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකින්.

සැකකරුවන් අම්බැක්ක ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් අද (22) අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්