සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 222 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයට තරගය නතර කරන විට කඩුළු 03ක් දැවී ලකුණු 60ක් ලබා සිටියා.දිමුත් කරුණාරත්න ලකුණු 17ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 16ක්ද ලබා සිටියදී දැවි ගියා.
පෝට් එලිසබෙත්හිදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 15 ක් තුළදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් වුණා. දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ක්වින්ටන් ඩිකොක් ලකුණු 86ක් ලබා ගත්තා.
පන්දු යැවිමේදී විශ්ව ප්‍රනාන්දු ලකුණු 62කට කඩුලු 03ක් දවා ගත්තා. ඔහුට අනගි සහයක් වෙමින් කසුන් රාජිත කඩුලු 03ක් ද ධනංජය ද සිල්වා කඩුලු 02ක් සහ දිමුත් කරුණාරත්න එක් කඩුල්ලක්ද දවා ගත්තා. දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 222ක් ලබා ගත්තා.
මේ අතර ලසිත් ඇඹුල්දෙනියගේ අතෙහි පන්දුව වැදිම හේතුවෙන් ඔහුට සති 06ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගැනිමට නියම කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි තරග ලසිත් ඇඹුල්දෙණියට අහිමිවන බව වාර්තා වනවා.