fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධාවනයට නුසුදුසු වාහන පරීක්ෂා කිරීම සදහා හදිසි වැටලීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 11:13

ධාවනයට නුසුදුසු වාහන පරීක්ෂා කිරීම සදහා හදිසි වැටලීමක්

ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන පරීක්ෂා කිරීම සදහා හදිසි වැටලීමක් සිදුකෙරුණා.

බදුල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ දී සිදුකළ මෙම වැටලීමේ දී අමතර ලාම්පු, ස්ටිකර් ඇතුළු රියදුරුගේ පෙනීමට බාධාවන ආකාරයේ සියලු සවිකිරීම් තිබේදැයි පරීක්ෂා කෙරුණා. එම් එම් ජේ සී බණ්ඩාර, චන්දන ගලගොඩ යන බදුල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරුන් සහ හාලිඇල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් එක්වයි මෙම වැටලීම සිදුකළේ.

රථවාහන 45 කට පමණ අලුත්වැඩියා සහ තහනම් නියෝග නිකුත් කෙරුණා.  අමතර ආලෝක පද්ධති හා අධික ශබ්දයෙන් යුතු නලා සවිකිරීම් ඇතුළු රථවාහන වැරදි රැසක් මෙහිදී සොයා ගැණුනා. බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළ බස් රථයක මගීන් ඉවත්කර ඔවුන් වෙනත් බස් රථවල ගමන් කරවීමට ද කටයුතු කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්