fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථානයෙන් ප්‍රභල ප්‍රකාශයක්; ඉම්රාන් ආරක්ෂක හමුදා වෙත පූර්ණ බලතල පවරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 13:14

පකිස්ථානයෙන් ප්‍රභල ප්‍රකාශයක්; ඉම්රාන් ආරක්ෂක හමුදා වෙත පූර්ණ බලතල පවරයි

ඉන්දියාව සිදුකරන ඕනෑම ආක‍්‍රමණයකදි තීරණාත්මක සහ පරිපූර්ණ ප‍්‍රතිචාරයක් දැක්වීමට සුදානම් බව පකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළා.

ඒ සදහා පකිස්ථාන ආරක්ෂක හමුදා වෙත පූර්ණ බලතල පවරා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කාශ්මීරයේ පුල්වාමා ප‍්‍රහාරයට පකිස්ථානය කිසිදු සම්බන්ධයක් නොමැති බවද ඉම්රාන් ඛාන් අවධාරණය කර තිබෙනවා.

ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්විමකින් පස‍්‍ර ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඔහු ප‍්‍රකාශ කළේ, එය කාශ්මීරය තුළම සැලසුම් කළ ප‍්‍රහාරයක් බවයි.

පුල්වාමා ප‍්‍රහාරයෙන් ඉන්දිය හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිසක් මියගිය බව මාධ්‍ය වාර්තා වුණා.

තව කියවන්න :

ඉන්දියාව පාකිස්තානයට ජලය දීමත් නතර කරයි

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්