කැලණිගඟ ආශ්රිතව නීතිවිරෝධී ලෙස මැණික් ගැරූ 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවුණා.
අවිස්සාවේල්ල කුඩාගම ප්රදේශයේ කැලණිගග ආශ්රිතව නීති විරෝධී ලෙස මැණික් ගැරීමේ නිරතවී සිටියදීයි පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මැණික් ගැරීම සදහා යොදාගත් උපකරණ කිහිපයක් ද සොයාගැනුණා.
සැකකරුවන් ඇහැලියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාරදීමට නියමිතයි.