ඉන්දියාව පාකිස්තානයට ජලය බෙදා හැරීම නතර කර තිබෙනවා.
ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය 14 වනදා ඉන්දීය ආරක්ෂක නිලධාරීන්ට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුවයි.
ව්‍යාපෘති තුනක් යටතේ ඉන්දියාවේ ගංගා තුනකින් පාකිස්තානයට ජලය බෙදා හැරෙනවා.
නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන එම ජලය ඉන්දියාවේ ජම්මු කාශ්මීර් සහ පංජාබ් යන ප්‍රාන්තවලට සැපයීමටයි සැළසුම්කර තිබෙන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසන්නේ රුධිරය සහ ජලය එකවර ගලා යා නොහැකි බවයි.