fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැරිස් ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රංශ IS සාමාජිකයා මියගිය බව තහවුරු කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 09:24

පැරිස් ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රංශ IS සාමාජිකයා මියගිය බව තහවුරු කෙරේ

2015 පැරිස් ප‍්‍රහාරයට සම්බන්ධ පැබෙයින් ක්ලේයින් නැමැති ප‍්‍රංශ IS ත‍්‍රස්ත සාමාජිකයා සිරියාවේදී මියගිය බව ප‍්‍රංශ බලධාරීන් තහවුරු කළා.

ඒ  IS ත‍්‍රස්ත ග‍්‍රහණයේ පැවැති අවසන් ගම්මානයට එල්ල කළ ගුවන් ප‍්‍රහාර වලින්. 2015පැරිස් ප‍්‍රහාරයේදී මියගිය ගණන 130 ක්.

ප‍්‍රහාරයට තමන් සම්බන්ධ බව පවසමින් පැබෙයින් ක්ලේයින් හඬපටයක් ද නිකුත් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප‍්‍රංශ පුරවැසියන් දෙදහසකට ආසන්න ගණනක් 2014 වර්ෂයේ සිට සිරියාවේ සහ ඉරාකයේ IS ත‍්‍රස්තවාදීන්ට සම්බන්ධ වී සිටින බවයි එරට බලධාරින් පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්