fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුළුබඩු සමඟ ගංජා ඩුබායි ගෙනයාමට තැත්කළ කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 08:54

කුළුබඩු සමඟ ගංජා ඩුබායි ගෙනයාමට තැත්කළ කාන්තාවක් අත්අඩංගුවට

දිවයිනෙන් රැගෙන යාමට උත්සාහ කළ  ලක්ෂ 08 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රේගු අත්අඩංගුවට පත් වුණා.

ඊයේ පස්වරුවේ ඩුබායි බලා යෑමට පැමිණි කාන්තාවක් ඇයගේ ගමන් මලුවල බහා මෙම කේරල  ගංජා තොගය රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

කුළු බඩු රැගෙන යන මුවාවෙන්  ගංජා තොගය රැගෙන යාමටයි ඇය උත්සාහ කර තිබුණේ. අත්අඩංගුවට පත් කාන්තාව 48 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

කටුනායක රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව කටුනායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළා. .

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්