fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මකරුන් සමඟ සටන අද සිට…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 14:02

මකරුන් සමඟ සටන අද සිට…

බ්‍රිතාන්‍ය ජාතික ළමා ලේඛිකා ක්‍රෙසිඩා ක්‍රොවෙල් විසින් රචිත How to Train Your Dragon  කෘති මාලාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු   How to Train Your Dragon  චිත්‍රපට මාලාවේ තෙවැනි සහ අවසාන චිත්‍රපටය How to Train Your Dragon  : The Hidden World අද සිට රිදී තිරයේ දිගහැරේ.

බර්ක්’ යනු දූපතක පිහිටි වයිකින්වරු ජීවත් වන ගම්මානයක්. හිකප් කියන්නේ එහි වෙසෙන කුඩා පිරිමි දරුවෙක්. මකරා මේ දූපතේ මිනිසුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා. හිකප්ගේ පියා ‍බර්ක්හි නායකයා වන අතර, ඔහු හිකප්ව මකරුන් සමඟ සටන් පුහුණු කරවීමේ පාසලකට ඇතුළත් කරනවා. තරමක් දුර්වල ළමයෙකු ලෙස බොහෝ දෙනා සිතා සිටිනා හිකප් විසින් එල්ල කළ පහරකින් තුවාල ලබන දුර්ලභ ගණයේ දරුණු මකරෙකු සමඟින් ඔහු මිතුරු වෙයි. ටූත්ලස් ලෙසින් නම් ලබන මේ මකරා සමඟින් හිකප් තම ගමේ සියලු දෙනාට අලුත් අනාගතයක් උදාකරදෙනවා.

හිකප් සහ ටූත්ලස් එකතුව බර්ක්හි ගම්වැසියන් සහ මකරුන් අතර සාමය ඇති කළ පසු වයිකින්වරු සහ මකරු එකතුව දූපතේ එතෙක් ගවේෂණය කරගත නොහැකි වූ බොහෝ දේ සොයා ගෙන අධිරාජ්‍ය ගොඩනඟනවා. මේ අතර හිකප් සහ ටූත්ලස් මකරුන් සිය ගණනක් වෙසෙන රහස් ගුහාවක් සොයා ගන්නවා. එහිදී ඔහුට වසර ගණනාවකට ඉහතදී අතුරුදන් වූ සිය මව ද හමුවන්නට අවස්ථාව උදා වුණා.

2010 How to Train Your Dragon  සහ 2014 දී තිරගත වූ How to Train Your Dragon  2  සිනමාපටවල අවසානය වන්නේ How to Train Your Dragon  : The Hidden World සිනමාපටයයි.

මකර ගහනය වැඩි වී ඇතත් වයිකින්වරු සහ මකරුන් බර්ක්හි බොහොම සමාදානයෙන් කාලය ගත කරනවා. මේ අතරේ යොවුන් හිකප් සහ ටූත්ලස්ට තවත් අඳුරු බලවේගයකට මුහුණ දීමට සිදු වන්නේ තමන්ගේ ලෝකය ද අතහැර මිථ්‍යා කතන්දරවල පමණක් දක්නට ලැබෙන අඳුරු ලොවකට පිවිසෙමිනුයි. මේ අතරේ තමන් ආදරය කරන දේ රැක ගැනීමට ද ඔවුන්හට ලොකු වෙහෙසක් දරන්නට සිදුවෙනවා.

ඩීන් ඩෙබ්ලොයිස් විසින් අධ්‍යක්ෂණය කෙරුණු How to Train Your Dragon  : The Hidden World චිත්‍රපටයේ ජේ බැරීචෙල්, කේට් බ්ලාන්ෂේ, ඇමරිකා ෆෙරේරා, ක්‍රෙග් ෆර්ගසන්, එෆ්, මුරේ ඒබ්‍රහම්, ජොන් හිල්, කිට් හැරින්ටන් ඇතුළු පිරිසක් හඬ දායකත්වය ලබා දෙනවා.

 How to Train Your Dragon චිත්‍රපට මාලාවේ තෙවැනි සහ අවසාන චිත්‍රපටය ලෙසින් How to Train Your Dragon  : The Hidden World විශිෂ්ට ගණයේ දෘශ්‍ය සංකලනයක් සහිතව හැඟිම්බර අවසානයකට ළඟා වී තිබෙනවා. එසේම කෘතියේ ඇති සුන්දරත්වය එලෙසින්ම ගෙන එමින් විනෝදකාමි හැඟිම්බර චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කර ඇති බවයි විචාරක අදහස.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 14:02

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්