fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවන්න වතුර නැතුව බංග්ලාදේශ ගින්නෙන් 78ක් මරුට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 16:39

නිවන්න වතුර නැතුව බංග්ලාදේශ ගින්නෙන් 78ක් මරුට

අනාරක්ෂිත බව හා ජල පහසුකම් නොමැතිකමින් බංග්ලාදේශයේ 78 දෙනෙකුට අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමට සිදුවුණා. ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකට හසුවීමෙනුයි මොවුන් ජීවිතක්ෂයට පත්වුණේ.

මෙම ගොඩනැගිල්ලේ තිබූ රසායනික ද්‍රව්‍යය ගබඩාවකයි ගින්න හටගෙන තිබෙන්නේ. ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක කෙරෙනවා. පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීමට ගිනි නිවන අංශ මෙන්ම ආරක්ෂ අංශ යොදවා තිබුණා. ජලය ආසන්න ස්ථානයකින් ලබාගැනීමට අපහසුවීම හේතුවෙන් ගින්න නිවීමට වැඩි කාලයක් ගතවී තිබෙනවා.

මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්