fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපනයේ නූතන විප්ලවය ජාතියට දායාද කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 16:33

අධ්‍යාපනයේ නූතන විප්ලවය ජාතියට දායාද කෙරේ

සෑම දරුවෙකුටම 13 වසරක අධ්‍යාපනයක් සහතික කෙරෙන අධ්‍යාපනයේ නූතන විප්ලවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) ආරම්භ කෙරුණා. සිසුන් වෘත්තීය ප්‍රවේශයකට යොමු කෙරෙන මෙම වැඩසටහන ජාතියට දායාද කිරිම ආරම්භ කෙරුණේ අරලියගහ මන්දිරයේදී.

නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 13 වසරක සහතික කල අධ්‍යාපන වැඩසටහන මගින් හදුන්වා දී ඇති විෂයයන් තුළින් සියලු දරැවන්ට වෘත්තීය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා වනවා. සෞඛ්‍ය හා සමාජසේවා, නිර්මාණකරණය, තාක්ෂණික අධ්‍යයනය, සමාජ සංස්කෘතක අධ්‍යයන, කෘෂි හා ආහාර තාක්ෂණවේදය, සංචරණය හා ආගන්තුක සත්කාර සේවා සහ පරිසර ආශ්‍රිත අධ්‍යයනය යන අධ්‍යයන ක්ෂේත්‍රයන් හත යටතේ විෂයයන් විසිහයක් මේ යටතේ හදුන්වා දී තිබෙනවා.

වසරකට අපොසසාමාන්‍ය පෙළ විභාගයට සිසින් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් පෙනී සිටිනවා. ඉන් ලක්ෂයකට ආසන්න පිරිසකට උසස් පෙළ වරම් හිමි වන්නේ නැහැ. එම දරුවන් හට දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන් යටතේ විෂයයන් තෝරා ගෙන වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට මෙමගින් අවස්ථාව උදා වනවා. ඒ තුළින් දෙස් විදෙස් අධ්‍යාපන අවස්ථා උදා කර ගත හැකියි. මේ වසරේ සිට පාසල් 660 ක පමණ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුත් යොදා තිබෙනවා. මෙම වැඩසටහනට අදාළ තේමා ගීතය එළිදැක්වීමද මෙහිදී  සිදු කෙරුණා. තෝරා ගත් පාසල් 10 ක් වෙත වෘත්තීය විෂය මාලා ඇතුළත් මොඩියුලර් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් ශ්‍රී ලංකාව නවීකරණය කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 16:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්