දිවයිනේ සියලු වරාය සංවර්ධනය සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුවත් වෙබ් අඩවිය එළි දැක්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නිවුස් ඩොට් එස් එල් පී ඒ ඩොට් එල් කේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය එක්වයි. සමුද්‍රීය ක්ෂේත්රයේ නව දැනුම මෙන්ම වරාය ඇතුළු අදාළ ක්ෂේත්‍ර පිළිබද නිවැරදි තොරතුරු ජනගත කිරීම වෙබ් අඩවිය එළිදැක්වීමේ අරමුණයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/GPiKI86R2pc”]