fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 11:05

ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට

ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධීව මත්ස්‍ය කර්මාන්තයේ නිරත වූ ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. උතුරු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් වැටලීම සිදුකළේ කරෙයිතිව් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප‍්‍රදේශයේදී. ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින්වූ මුහුදු ප‍්‍රදේශයේද ඔවුන් ධීවර කටයුතුවල නිරතව තිබෙනවා. ට්‍රෝලර් යාත‍්‍රා තුනක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මේ වසර තුළ පමණක් නීතිවිරෝධීව ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ධීවරයන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්