fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ෂම්මි සිල්වාට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 10:03

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ෂම්මි සිල්වාට

UPDATE : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. මෙවර නිලවරණයට  සභාපති අපෙක්ෂයින් ලෙස තිලංග සුමතිපාල පාර්ශ්වය නියෝජනය කරමින් ශම්මි සිල්වා මහතා ඉදිරිපත් වූණා.

අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වයෙන්  තරග වැදු‍ණේ ජයන්ත ධර්මදාස මහතායි. ඡන්ද 142 ක් භාවිත වූ නිලවරණයේදී ඡන්ද 83ක් ලබා ගැනිමට ශම්මි සිල්වා මහතා සමත් වුණා.

ජයන්ත ධර්මදාස මහතාට ලබා ගත හැකි වුණේ ඡන්ද 56ක් පමණයි. මේ අනුව වැඩි ඡන්ද 27කින් ශම්මි සිල්වා මහතා සභාපතිවරයා ලෙස පත් වුණා.

මෙවර නිලවරණයේ උපසභාපතිවරුන් ලෙස රවීන්ද්‍ර වික්‍රමරත්න සහ කේ. මතිවානන් යන මහත්වරුන් තේරීපත් වී තිබෙනවා. ඒ  පිළිවෙලින් ඡන්ද 82 ක් සහ ඡන්ද 80 ක් ලබා ගනිමින්.

ඉදිරියේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සදහා මෙහෙයවීමේ වගකීම නව සභාපතිවරයා සතු වනවා.

ඊයේ දිනයේදී මෙම නිලවරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 03 ක් විභාග වූණා. ඒවා සමතයකට පත් වීමත් සමගයි නිලවරණය පැවැත්වීමට අද හැකියාව ලැබුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද 142 ක් භාවිත කිරීමට නියමිතයි.

සභාපති අපේක්ෂකයන් ලෙස මෙවර තරග කරන්නේ ෂම්මි සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්. උප සභාපතිධූරය සදහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත්ව සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පිළිබද වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 10:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්