fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ගින්නක්; 69 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 09:03

ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ගින්නක්; 69 දෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ගොඩනැගිල්ලෙහි තිබූ රසායනික ද්‍රව්‍ය ගබඩාවකයි  ගින්න හටගෙන තිබෙන්නේ.

ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක කෙරෙනවා. ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.

පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න නිවීමට ගිනි නිවන අංශ මෙන්ම ආරක්ෂ අංශ යොදවා තිබුණා. මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්