fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

SL vs SA දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට සූදනම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 11:18

SL vs SA දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට සූදනම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පෝට් එලිසබෙත්හිදී අද ආරම්භ වනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දිමුත් කරුණාරත්නයි. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගැනිමට ශ්‍රී ලංකා කන්ඩායමට හැකි වුණා.

තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනිමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීකට් තරගය ජයග්‍රහණය කිරීම හෝ ජය පරාජයෙන් තොරව අවසන් කර ගත යුතු වනවා.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දැනට එරටදී ටෙස්ට් තරග 13 ක් පවත්වා තිබෙනවා. ඉන් එක් තරගයක් පමණයි ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ. තරග 11 ක් පරාජයට පත්ව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 11:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්