පළමු ශ්‍රේණියේ සිසුන්ට නිල ඇදුම් තිළිණ පත් ලබාදීමේ කිසිදු ප්‍රමාදයක් නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
දිවයිනේ සියලුම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇදුම් තිලිණ පත් ලබාදීම පළමු පාසල් වාරය අවසන්වීමට පෙර සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
පසුගිය වසරවල මෙන්ම මෙම වසරේද ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
තිළිණ පත් ලබා දීමේ ප්‍රමාදයක් ඇති බවට වෘත්තීය සංගම් ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි අමාත්‍යාංශය සදහන් කරන්නේ.
මෙම වසර සදහා සිසුන් ඇතුළත් කිරීම සිදු කෙරුණේ ජනවාරි 17 වනදායි.
අභියාචනා ඇතුළු සෙසු ගැටළු නිරාකරණය කර සිසුන් ඇතුළත් කිරීමට අවසන් කිරීමට මාස එකහමාරක කාලයක් ගත වනවා.
එම ලේඛණ නිවැරදි කිරීමෙන් අනතුරුව තිළිණ පත් ලබාදීම සිදු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ.