fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංගාරාමේ පෙරහැර බලන්න ගිය ජනපති හා විපක්ෂ නායකතුමා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 17:33

ගංගාරාමේ පෙරහැර බලන්න ගිය ජනපති හා විපක්ෂ නායකතුමා

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 වන වාර්ෂික නවම් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහැර වීථි සංචාරය කිරීම ආරම්භ කළේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද පෙරහැරේ ආරම්භක අවස්ථාවට එක්ව සිටියා.

උඩරට,පහතරට නර්තනාංග ඇතුලු සංස්කෘතිකාංග රැසකින් මෙවර පෙරහැර වර්ණවත් වුණා. ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ශ්‍රී ඥානිස්සර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදියි පෙරහැර සංවිධාන කර තිබුණේ. සැදැහැවතුන් විශාල පිරිසක් නවම් මහා පෙරහැර නැරඹීමට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 17:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්