fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්දන ප්‍රසාද් ඇතුළු තුන්දෙනා ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 17:03

චන්දන ප්‍රසාද් ඇතුළු තුන්දෙනා ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් තුන්දෙනා ලබන 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි මෙම නියෝගය නිකුත් කළේ. මේ අතර  ගල්ගමුවේ දළ පූට්ටු හස්තියා ඝාතනය කිරීම සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් 24 වනදාට කල් තැබීමට මහව දිසා මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකථනවල සියලු දත්ත එදිනට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඇප මත මුදාහැර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්