fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙණියාය රෝහලේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 15:02

දෙණියාය රෝහලේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

දෙණියාය රෝහලේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නා. අංග සම්පූර්ණ හෘද රෝග ඒකකයක් ඇතුලු සියලු පහසුකම් සහිතව රෝහල ඉදිකිරීම සැලසුමයි.

දෙණියාය රෝහලේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.  අමාත්‍ය සාගල රත්නායක මහතා මෙන්ම නිලධාරීන් ඊට එක්ව සිටියා. දෙණියායේ දැනට පවතින රෝහල දැඩි අබලන් තත්ත්වයක පවතිනවා. දෙණියාය ජනතාවට මෙන්ම හිනිදු, මොරවක ආදී ප්‍රදේශ රැසක ජනතාවට ගාල්ල කරාපිටිය හෝ මාතර රෝහල් වෙත යාමට සිදු වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා. දෙණියාය රෝහලේ සැලසුම් කටයුතු කඩිනමින් අවසන් කර අගෝස්තු මාසය වන විට ඉදිකිරීම් ආරම්භ කළ යුතු බවට මෙහිදී අදහස් පළ කෙරුණා. ඇඳන් 600 කින් යුක්තව රෝහල ඉදිකිරීමට නියමිතයි. දෙණියාය හැන්ෆර්ඩ් වතුයායෙන් රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය භූමිය වෙන්කර ගැනීම ලබන සතිය තුළදී සිදු කරන ලෙස අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් ලබා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්