මස්කෙළිය ප්රදේශයේ තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා. ඔහු සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මස්කෙළිය තැපැල් කාර්යාලය අසල පදිංචිව සිටි 30 හැවිරිදි අවිවාහක තරුණයෙකු මෙසේ අතුරුදන්ව ඇති බවටයි ඔහුගේ ඥාතීන් පොලීසියට පැමිණිලිකර ඇත්තේ. අතුරුදන් තරුණයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් මාවුස්සාකැලේ ජලාශය අසල තිබී හමුවුණා.
එම ජලාශය ආශ්රිතව විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කිරීමටයි මස්කෙළිය පොලීසිය කටයුතුකර ඇත්තේ.