ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ අපේක්ෂකයින් දෙදෙනෙකු අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ නඩු තුන සමතයකට පත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් අභියාචනා කමිටුව අපේක්ෂකයින් දෙදෙනෙකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා. ඒ සභාපති අපේක්ෂක මොහාන්ද සිල්වා හා උප සභාපති අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේයි. එම තීරණය අභියෝගයට ලක්කරමින් ඔවුන් අභියාචනාධිකරණයේ නඩු පවරනු ලැබුවා.
ඒවා අද (20) විභාගයට ගත් අවස්ථාවේදී ඔවුන් සමතයකට පත්වීමට කැමැත්ත කළා. මේ අනුව මොහාන්ද සිල්වා මහතා උප සභාපතිධුරය සඳහා තරග කිරීමටයි එකග වී ඇත්තේ. රවීන් වික්‍රමරත්න මහතාද උප සභාපතිධුරයක් හා උප ලේකම්ධුරය සඳහා තරග කිරීමට එකඟතාව පලකර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට (21) උදෑසන 10 ට ආරම්භවන බව ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කරනවා.