අපවත්වී වදාළ පූජ්‍ය නරමානේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පානදුර ගුගුල සිරි පරම විශුද්ධාරාමය වෙත පැමිණියා.
ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමීන් වහන්සේ අපවත් වනවිට 95 වන වියෙහි පසුවුණා. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෙකු වූ උන්වහන්සේ ග්රන්ථ කිහිපයක් ද රචනාකර තිබෙනවා.
උන්වහන්සේගේ ශාසනික සේවය ජනාධිපතිතුමාගේ විශේෂ ඇගයීමට ද පසුගියදා ලක්වූ අතර ප්‍රදේශයේ ආගමික හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ කැපීපෙනෙන සේවාවක් ඉටුකළා. ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය පානදුර නගර සභා ක්‍රීඩාංගනයේදී අද (20) සිදුකිරීමට නියමිතයි.