රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමග සැකකරුවන් නව දෙනෙකු රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි හා සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් නව දෙනෙකුගේ ගමන් මළු තුළ තිබී මෙම රත්‍රං තොගය සොයා ගැනුණා. එහි බර කිලෝග්‍රෑම් තුනකට ආසන්න බවයි කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සදහන් කළේ. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව කටුනායක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සදහන් කළා.