fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නරමානේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 17:30

නරමානේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත පූජ්‍ය නරමානේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූවා.

පූජ්‍ය නරමානේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති මොරටුව එගොඩඋයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමය වෙත පැමිණි ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූවා. විහාරස්ථ හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙත සිය සාතිශය සංවේගය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළා. විශිෂ්ට ධර්ම ග්‍රන්ථ රැසක් රචනා කර ඇති ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ සාහිත්‍යය කීර්ති, ශ්‍රී සද්ධර්ම, වාගීෂ්වර වැනි ගෞරව උපාධිවලින් ද පිදුම් ලැබූ යතිවරයාණන් වහන්සේ නමක වනවා. උන් වහන්සේ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි සංඝ සභාවේ මහෝපාද්‍ය ධුරයෙන් ද පිදුම් ලබා තිබුණා. උන්වහන්සේ පිදුම් ලැබූ ගෞරව සම්මාන ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ද ලක්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්