ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වෙනිසියුලා ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කළා.
ඒ විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝට සහාය පළකරන ලෙසට දැනුම් දෙමින්. එසේ නොමැති වුවහොත් ගැටළු රැසක් මතුවිය හැකි බවයි ඇමරිකා ජනාධිපතිවරයා ප්රකාශ කළේ. වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ විපක්ෂය අතර මේ වනවිටත් පවතින්නේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්.