fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රත්නපුර දිස්ත්‍රික්කයේ අනවසර පදිංචිකරුවන්ට සින්නක්කර ඔප්පු

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 10:12

රත්නපුර දිස්ත්‍රික්කයේ අනවසර පදිංචිකරුවන්ට සින්නක්කර ඔප්පු

රත්නපුර දිස්ත්‍රික්කයේ අනවසර පදිංචිකරුවන් සදහා සින්නක්කර ඔප්පු ලබා දිමේ තුන්වන අදියර ක්‍රියාත්මක කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ ඒ විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.

රත්නපුර දිස්ත්‍රික්කයේ අනවසර පදිංචිකරුවන් සදහා පළමු  සහ දෙවන අදියර යටතේ සින්නක්කර ඔප්පු හාරදහසකට අධික ප්‍රමාණයක් රජය මගින් ප්‍රධානය කර තිබෙනවා. ඒ අනුව තුන්වන අදියර රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කුඩාව නිල්වලා ප්‍රජා ශාලාවේදී පැවැත්වුණා. මෙහිදි පවුල් තුන්සිය පනහක් සදහා සින්නක්කර ඔප්පු ලැබීමට සුදුසුකම් ලබා තිබුණා.

මෙම අවස්ථාවට රත්නපුර ප්‍රාදේශිය ලේකම් අයි ආර් එම් ප්‍රදීපිකා ඉලුක්කුඹුර මහත්මිය, රත්නපුර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන්, ගම්වාසින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්