ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැණුනේ ඊයේ දිනයේදීයි. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා මීට පෙර පොලිස් මූලස්ථානය වෙත මාරුකර යැවීමට කටයුතු කෙරුණා.