fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CIDය මධූෂ්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 10:03

CIDය මධූෂ්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරයි

මාකදුරේ මධුෂ්ගේ බැංකු ගිණුම් පරික්ෂාවට පොලිසිය පියවර ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම් ආර් ලතීෆ් මහතා ප‍්‍රකාශ කළා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවයි එය මෙහෙය වන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ නීතිවිරෝධි ක‍්‍රියාමාර්ග ඔස්සේ  ඔහු අධික මුදලක් උපයාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ඒ අනූව විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මේ අතර කෙසෙල්වත්ත වේල්ලවීදිය ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඔහු ඩුබායි අත්අඩංගුවේ පසුවන දිනුකගේ ගෝලයකු බවටයි හෙළිව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්