ශ්‍රී ලංකාවෙන් වැඩම කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵල බෝධියක් තායිලන්තයේ මහා වජිරලන්කොන් රජු වෙත අද පිළිගන්වන බව බුද්ධ ශාසන අමාත්‍යංශය ප්‍රකාශ කළා.
අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඇතුළු පිරිසක් ඒ සඳහා තායිලන්තයට ගොස් තිබෙනවා. බෝධීන් වහන්සේ රෝපණය කරන්නේ තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිරධර්මාරාම විහාරස්ථානයේ. රාජභිෂේකය ලබන තායිලන්ත රජුට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුභාශිංසන පිරිනැමීමටත් කටයුතු යොදා තිබෙනවා. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරිමට ද එය ඉවහල් වන බවයි බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහන් කළේ.