අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Related Articles
සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධයෙන් යම් කණ්ඩායමක් වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
සුරක්ෂා රක්ෂණ ඉල්ලුම් පත්‍ර හා අදාළ ලිපි ලේඛන විදුහල්පතිවරුන් සහතික කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය සහ පෝෂණ ශාඛාව වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනටමත් දැනුම් දී තිබෙනවා. ඒ අනුව අදාළ රක්ෂණ ආයතන වෙත තොරතුරු යොමුකර දරුවන් වෙත ප්රතිලාභ ලබා දීමට අමාත්‍යාංශය පසුගිය කාලය තුළදී සියලු කටයුතු සිදුකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.