ඇමෙරිකාවේ ලුසියානා ප්රාන්තයේ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලැබුවා.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. එහිදී වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ. මෙම වෙඩි තැබීම සිදුවූයේ බස්නැවතුම්පොළක් අසලදීයි. පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත්තේ.