ඉඩම් සම්බන්ධ නීති ලිහිල් කර ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. සෑම පුද්ගලයෙකුටම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම රජයේ අරමුණ බවයි ඒ මහතා සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/yLYcBlTUrHo”]
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පළකලේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැතිවූවන් සදහා ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින්.පැල්මඩුල්ල ගනේගම රජමහා විහාරස්ථානයේදී උත්සවය පැවැත්වුණා. ඉඩම් හිමිකම් නොමැති පන්සිය දෙනෙකුට මෙහිදී ඔප්පු ප්රදානය කෙරුණා. තලතා අතුකෝරල අමාත්‍යවරිය සහ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා ද මෙහිදී අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xGHmQoKDp_Q”]