හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද ආරම්භ වනවා. අද සහ හෙට පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.
ගංගාරාම නවම් මහා පෙරහැර මෙවර පැවැත්වෙන්නේ 41වන වරටයි. සංස්කෘතිකාංග ගණනාවකින් සමන්විත මෙම පෙරහැර නැරඹීමට මෙවර ද දෙස් විදෙස් විශාල පිරිසක් එක්වනු ඇති. මෙවර පෙරහැර සදහා අලි ඇතුන් 45 දෙනෙකු සහභාගී වන බවයි පෙරහැර සංවිධායකයන් පවසන්නේ. උඩරට ,පහතරට සහ සබරගමුව ආදී නර්තනාංග ද ඊට ඇතුළත්.