කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන 56 වන සහෝදරයන්ගේ සංග්‍රාමය මහා ක්‍රීකට් තරගාවලිය ලබන 22සහ 23 දිනයන්හිදි පැවැත් වෙනවා.
කොළඹ එස්එස්සී ක්‍රීඩාපිටියේදී තරගය පැවැත්විමට නියමිතයි. ඊට සමගාමිව හයවෙනි වරටත් විද්‍යාල දෙකෙහිම සිසුන් එක්ව පාගමනක් පැවැත්විමට කටයුතු යෙදා තිබෙනවා. මෙවර තර්ස්ටන් විද්‍යාලීය කණ්ඩායමට සදරු ඩයස් නායකත්වය ලබා දෙන අතර ඉසිපතන විද්‍යාලීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ මධුෂන්ත සදරුවන්. සහෝදරයන්ගේ ක්‍රීකට් සංග්‍රාමය අවස්ථා 05කදී තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහනය කර ඇති අතර ඉසිපතන විද්‍යාලය අස්ථා 04කදී ජයග්‍රහනය කර තිබෙනවා.