fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තහනම් පොලිතීන් ආහාර ඇසුරුම් තොගයක් පානදුරදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 12:01

තහනම් පොලිතීන් ආහාර ඇසුරුම් තොගයක් පානදුරදී අත්අඩංගුවට

තහනම් පොලිතීන් ආහාර ඇසුරුම් තොගයක් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ටොන් 05 ක ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 02 ඉක්මවනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුනු තොරතුරුකට අනුව වැටලීම් සිදු කළා. පානදුර මහානාම පාරේ පොලිතින් නිෂ්පාදන කර්මාන්තශාලාවක් වැටලූ අවස්ථාවේදීයී මෙම තොගය සොයා ගැනුණේ. පාරිභෝගික සේව අධිකාරිය හා විශේෂ පොලිස් ඒකකයේ සහායද මෙම වැටලීම සදහා හිමි වුණා.මෙම කර්මාන්තශාලාව පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගෙන නැති බවයි මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ. ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීමෙ චෝදනා යටතේ කර්මාන්තශාලාවේ හිමිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා. තහනම් පොලිතීන් වෙළදපොලෙන් ඉවත් කර සෞඛ්‍යාරක්ෂික පරිසර හිතකාමී නිෂ්පාදන වෙළදපොලට ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරය පියවර ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්