ජාතික ඔරු පැදීමේ තරගාවලියේ පිරිමි ශූරතාව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට
Related Articles
කණිෂ්ඨ හා අතරමැදි ජාතික ඔරු පැදීමේ තරගාවලියේ කණිෂ්ඨ සමස්ථ පිරිමි ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත්වුණා. එහි කාන්තා සමස්ථ ශූරතාව දිනාගත්තේ කොළඹ කාන්තා විදුහලයි.
දියවන්නා ඔය පරිශ්‍රයේ පැවත්වූ තරගාවලිය වයස් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වුණා. එහි අතර මැදි තරග අංශය යටතේ වයස් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වුණා. තරගාවලියේ කණිෂ්ඨ පිරිමි අංශයේ සමස්ථ ශූරතාව,ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය දිනා ගනිද්දී එහි කාන්තා සමස්ථ ශූරතාව හිමි වූයේ කොළඹ කාන්තා විද්‍යාලයටයි. අතරමැදි තරග අංශය යටතේ පිරිමි සම සමස්ථ ශූරතාවන් දිනා ගැනීමට යුද හමුදා සහ නාවික හමුදා කණ්ඩායම් සමත් වුණා. එම අංශයේ කාන්තා සමස්ථ ශූරතාව දිනාගත්තේ නාවික හමුදා කණ්ඩායමයි.