පාකිස්ථානය සහ සෞදි අරාබිය අතර ඩොලර් බිලියන 20ක ආර්ථික ගිවිසුමක්
Related Articles
සෞදි අරාබිය පාකිස්තානය සමඟ ඇමෙරිකා ඩොලර් බිලියන 20ක ආර්ථික ගිවිසුමකට අත්සන් තැබුවා.
සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මේ දිනවල දකුණු ආසියා සංචාරයක නිරතව සිටිනවා. සල්මාන් කුමරු පකිස්තානයට පැමිණ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවුණා. එම අවස්ථාවේදීයි ඔවුන් මෙම ගිවිසුම අත්සන් කර තිබෙන්නේ. මෙම ගිවිසුමට අනුව ඇමෙරිකා ඩොලර් බිලියන අටක් පකිස්තානයේ ග්වඩාර් ප්‍රධාන වරායේ තෙල් පිරිපහදුව සදහා ද වෙන් කර තිබෙනවා. බලශක්ති , ඛණිජ රසායනික ද්‍රව්‍ය සහ පතල් කැනීම් අංශයන් ද මෙම ගිවිසුමට ඇතුළත්. පාකිස්ථානය සිය අස්ථාවර ආර්ථිකය ශක්තිමත් කිරිමට විසදුමක් සොයමින් සිටි අවස්ථාවකදීයි මෙම ගිවිසිසුමට අත්සන් තැබුණේ.