ඩොලර් මිලියන 260 ණය වාරිකය ගැන නිල සාකච්ඡාව පස්වරුවේ
Related Articles
ඇමරිකා ඩොලර් මිලියන 260 ණය වාරිකය ලබාගැනිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟයි.
මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරින් සාකච්ඡා සඳහා සහභාගී විමට නියමිතයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙරටට ලබාදෙන සම්පූර්ණ ණය මුදල ඩොලර් මිලියන 1500ක්. ඉන් ඩොලර් මිලියන දහසක් මේ වනවිට ලබාදි ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ. ඉතිරි මුදල අවස්ථා දෙකකදී ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ. එහෙත් පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ඇති වු දේශපාලන අර්බුදයත් සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය වාරික ලබාදීම ප්‍රමාද කළා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා යළි සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඑලයක් ලෙසයි මුල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් පසුගියදා මෙරටට පැමිණියේ.