fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන් දෙනෙකුට මරු කැදවා 19 ක් රෝහලට යැවූ බසයේ රියදුරු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 08:48

තුන් දෙනෙකුට මරු කැදවා 19 ක් රෝහලට යැවූ බසයේ රියදුරු අත්අඩංගුවට

හලාවත මහවැවදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 19 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයකුයි මෙසේ අනතුරට පත් වුණේ. අධික වේගයෙන් පැමිණි බස් රථය තවත් වාහනයක් පසුකර යෑමට උත්සාහ දැරීමේදී මාර්ගයේ ඉදිරියෙන් පැමිණි ලොරියක ගැටී තිබෙනවා. ඒ සමඟ බස් රථය ඉවතට විසි වීමෙන් අසල තිබූ විදුලි ට්‍රාන්ෆෝමරයක ගැටී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. එම විදුලි ට්‍රාන්ස්ෆෝමරය කඩා වැටීම හේතුවෙන් බස් රථයේ ඉදිරි කොටස සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. ඉදිරිපෙල අසුන්වල සිටි 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. රෝහල් ගත කළ පිරිස අතර කාන්තාවන් 05 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 14 දෙනෙකු වනවා. බරපතල තුවාල ලැබූ බස් රථයේ රියදුරුද රෝහල් ගත කෙරුණා. රියදුරු වයස අවුරුදු 33ක් පමණ වන අනුරාධපුර මහබුලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු පොලිස් ආරක්‍ෂාව යටතේ මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්