අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියරේ තරගයක් මහනුවර ක්රීඩා සමාජ රග්බි කණ්ඩායම සහ හැව්ලොක් ක්රීඩා සමාජ රග්බි කණ්ඩායම අතර පැවැත්වුණා.
කොළඹ හැව්ලොක් ක්රීඩා සමාජ ක්රීඩාංගනයේ පැවැති තරගයේ ලකුණු 28ට 26ක් ලෙස ජයගැනීමට හැව්ලොක් ක්රීඩා සමාජ රග්බි කණ්ඩායම සමත් වුණා. පළමු අර්ධය නිමා වන විට මහනුර ක්රීඩා සමාජ රග්බි කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 19ක් පමණයි. ඒ සදහා උත්සාහක දිනුම් තුනක් ද ප්රවර්තන දෙකක් ද ඇතුළත්. හැව්ලොක් ක්රීඩා සමාජ රග්බි කණ්ඩායම ලකුණු 7ක් ලබා ගත්තා. ඒ සදහා උත්සාහ දිනුම් එකක් සහ ප්රවර්ථන 1ක් ඇතුළත්. තරගය නිමා වන විට මහනුවර ක්රීඩා සමාජ රග්බි කණ්ඩායමට ලබා ගත හැකිවුණේ උත්සාහක දිනුම් හතරක් සහ ප්රවර්තන 3ක් සමගින් ලකුණු 26ක් පමණයි. ඒ අනුව හැව්ලොක් ක්රීඩා සමාජ රග්බි කණ්ඩායම ලකුණු 28ක් ලබාගනිමින් තරගය ජයගත්තා