පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණය ලබන සතියේදී ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. සියලු පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම තීරණය ගන්නා බවයි යටිනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ZYXgISACHs0&feature=youtu.be&fbclid=IwAR1ZPKrcq1lOLHRpJYrs7aOfPbWAzES9tMEcdlLpUA86hO1K1mxNQhDGHHE”]
යටිනුවර ප්‍රදේශයේ සංවර්ධනය කළ මාර්ග 2ක් ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. කොටලියගොඩ මැණික්දිවෙල මාර්ගය සදහා වැය කළ මුදල රුපියල් මිලියන 538ක්. රුපියල් මිලියන 250ක් වැය කරමින් රත්තේපිටිය උඩ රත්මීවල මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතියට පැවරුණා. අමාත්‍යවරයාගේ උපදෙස් මත එම ප්‍රදේශයේ තවත් මාර්ග 5ක් සංවර්ධනය කෙරෙනවා.