පුළුල් ජාතික බලවේගයක් සදහා රටට ආදරය කරන සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මහජන එක්සත් පෙරමුණේ විසිදෙවන වාර්ෂික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පල කළා.
මහජන එක්සත් පෙරමුණේ විසි දෙවන මහා සම්මේලනය නව නගර ශාලාවේදී පැවැත්වුණේ ප්‍රජා සහභගීත්වය සහ දියුණු ආර්ථිකයක් උදෙසා එක්සිත්ව යන තේමාවෙනුයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ රටට හිතකර අලුත් ආණ්ඩුවක් හෙට දවසේ අවශ්‍යතාව බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/rabrKgP2ko0″]