සති අන්ත නිවාඩු වෙනුවෙන් අතිරේක බස් රථ සේවා යෙදවීමට ශ්‍රී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අවශ්‍යතාවය පරිදි දුර ගමන් සේවා බස් රථ ද යොදවන බවයි ප්‍රවාහන මෙහෙයුම් අධිකාරි නිහාල් හිදැල්ලආරච්චි මහතා පැවසුවේ.
අන්තර්ජාලය ඔස්සේ ආසන වෙන්කරවා ගැනීමට විශේෂ පහසුකම් ද මඟී ජනතාව වෙත සලසා ඇති බවයි ප්‍රවාහන මෙහෙයුම් අධිකාරි නිහාල් හිදැල්ලආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.