වයස අවුරුදු 15න් පහළ ඒ කණ්ඩයේ බාස්කට් බෝල් බාලිකා ශුරතාවය දිනා ගැනිමට බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත් වුණා.
ශුද්ධ වු පවුලේ කන්‍යාරාම කණ්ඩායම සමග කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය කණ්ඩායම අතර තරගයේදී ලකුණු 67ට 35ක් ලෙස ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ශුරතාවය දිනා ගැනිමට සමත් වුණා. තරගයේ ප්‍රථම භාගය නිමාවන විට ලකුණු 48ට 07ක් ලෙස ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම ඉදිරියෙන් සිටියා. හොදම ආරක්ෂක ක්රිඩිකාව ලෙස යහපත් ඒඩේරාගේ කන්‍යාරාම කණ්ඩායමේ දැහැමි සෙනෙත්මා ද හොදම ප්‍රහාරාත්මක ක්රිඩිකාව ලෙස ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ සිතුම් ජයරත්න ද දක්ෂම ක්‍රීඩිකාව ලෙස ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ මිනෝලි ඩිමෙල් ද ඇගයීමට ලක් කෙරුණා. තුන්වන ස්ථානය සදහා මහමායා බාලිකා විද්‍යාලය හා හිල්වුඩ් විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 32ට 23ක් ලෙස මහමායා බාලිකා විද්‍යාලීය කණ්ඩායම ජයග්‍රහණය කළා.