ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබපැතුම්
Related Articles
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වු දක්ෂතාවයන් අගයකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට සිය සුබපැතුම් එක් කළ සිටියා.
දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදි ඊයේ අවසන් වු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරිමට සමත් වුණා. මෙහිදි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා නොදැවි ලකුණු 153ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වුණා. එමෙන්ම කුසල් ජනිත්ට අනගි සහයක් ලබා දෙමින් සිය කඩුල්ල ආරකෂා කරමින් ක්‍රීඩා කළ විශ්ව ප්‍රනාන්දු ද තරග ජයග්‍රහණයට ලබා දුන්නේ විශාල දායකත්වයක්. සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැත්ම් එක්කරමින් ජනාධිපතිතුමා සදහන් කළේ මෙවන් අවස්ථාවක මෙවැනි විශිෂ්ට තරග ජයග්‍රහණයක් පිලිබදව සියලුදෙනා සතුටු විය යුතු බවයි. එමෙන්ම තරගයේ විරයා වූ කුසල් ජනනිත් පෙරේරාට ද ජනාධිපතිතුමා මෙහිදි සුබාශිංශන එක් කළා. පසුබෑම්වලට මුහුණ දෙමින් යලි ජයග්‍රහණය කරා පැමිණිමට හැකිවීම පිලිබද කණ්ඩායමට සිය සුබපැතුම් එක් කරන බවයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සය ට්විටර් පණිවුඩයෙන් සදහන් කළ සිටියේ.